දෙවියනේ ඔබේ ගිණුමත් හැක් කරලද...Whatsapp පාවිච්චි කරන ඔබ දැනගත යුතුම දෙයක්..

Report

WhatsApp කියන්නේ අද වෙනකොට අපේ රටේ ගොඩක් දෙනෙක් භාවිත කරන ‍යෙදවුමක් කිව්වොත් හරි.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ශ්‍රී ලාංකිකයෙක් වෙන ඔබ දැනගත යුතුම කතාවක්.. WhatsApp ගිණුම්වලට අනවසරයෙන් ඇතුළුවී සිදුකරන මූල්‍ය වංචා ඇතුළු නොයෙකුත් මූල්‍ය වංචා දිනෙන් දින ඉහළ යමින් පවතින නිසා අනිවාර්‍යයෙන්ම ඔබ මේ ගැන දැනුවත් වෙන එක වැදගත්..

මූල්‍ය වංචා ඇතුළු නොයෙකුත් මූල්‍ය වංචා පිළිබඳව තවමත් පැමිණිලි ලැබෙන බැවින් සිය දුරකතනනයට පැමිණෙන කිසිම කේතයක් තෙවැනි පාර්ශ්වයකට ලබා නොදෙන ලෙස නැවත වරක් ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරනවා.. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යේෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොළ විසින් මේ බව පවසා තිබුණා...

WhatsApp ගිණුම් App Hackකරන බවත් Hack කරන WhatsApp ගිණුම්වල ඇති දුරකතන අංකවලට හදිසි අවස්ථාවක් බව පවසා මුදල් බැර කරන ලෙස අදාළ පුද්ගලයන් පණිවිඩ යවන බවත් මෙහිදී ඔහු පවසා තිබෙනවා.. WhatsApp කණ්ඩායම්වලට සම්බන්ධ වී සූක්ෂමව එහි පරිශීලකයන් නිරීක්ෂණය කර ඔවුන්ගේ WhatsApp ගිණුම් Hack කරන බවත් Hack කරන වට්ස් ඇප් ගිණුම්වල ඇති දුරකතන අංක ලබාගන්නා බවයි දැනට වාර්තා වී ඇත්තේ..

ආගමික වැඩසටහනක් සඳහා, ත්‍යාගයක් දිනා ගැනීමට, අධ්‍යාපනික වැඩසටහනක් සඳහා සහභාගීවීමට වැනි ඒ ඒ පරිශීලකයන් අදාළ වන අයුරින් හේතු පවසමින් සූම් රැස්වීමකට සහභාගී කරවා ගැනීම සඳහා දුරකතනයට ලැබුණු කේතය ලබා දෙන ලෙස හැකර්කරුවන් ඉල්ලා සිටින බවත් නමුත් සැබැවින් ඔවුන් ඉල්ලා සිටින්නේ සූම් රැස්වීමකට සම්බන්ධ කරවා ගැනීමේ කේතය නොව හැකර්කරුවන්ට WhatsApp ගිණුමට ඇතුළු වීමට අවශ්‍ය කේතය බවත් චාරුක දමුණුපොළ මෙහිදී වැඩිදුරටත් පවසා තිබුණා..

කෙසේ වෙතත්, එවැනි පණිවුඩයක් ලැබුණහොත් ප්‍රථමයෙන් එම වට්ස් ඇප් ගිණුම අයිති පුද්ගලයා අමතා එය තහවුරු කරගත යුතු බවත් තහවුරු කර ගැනීමකින් තොරව කිසිදු පණිවුඩයකට මුදල් බැර කිරීම සිදු නොකළ යුතු බවත් හෙතම සියලුම WhatsApp පරිශීලකයන්ගෙන් ඉල්ලීමක් කරනවා.. (ලංකාදීප පුවත්පත ඇසුරෙන්..)