මොකක්ද මේ සිරකරුවන් හුවමාරුව... (VIDEO)

By Parami Dissanayake Aug 02, 2024 01:58 PM GMT
Report

රුසියාව සහ බටහිර රටවල් අතර ඇති කරගත් එකඟතාවකට අනුව සිරකරුවන් 24ක් නිදහස් කෙරුණු බව අමෙරිකාව තහවුරු කර තිබෙනවා.

තුර්කියේ අන්කාරා ගුවන්තොටුපළේදී සිදුවූ සිරකරු හුවමාරුවේ දී රුසියාව සිරකරුවන් 16 දෙනෙකු නිදහස් කර තිබු අතර, ඔත්තු බැලීමේ චෝදනාව මත රුසියාව අත්අඩංගුවට ගත් අමෙරිකාවේ වෝල් ස්ට්‍රීට් සඟරාවේ වාර්තාකරුවෙකු වන ඉවාන් ගෙර්ෂ්කොවිච් ද අයත් බව වාර්තා වේ.

එමෙන් ම, විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ, අමෙරිකාව, නෝර්වේ, ජර්මනිය, පෝලන්තය සහ ස්ලෝවේනියාව යන රටවල සිටි රුසියානු සිරකරුවන් 8 දෙනෙකු නිදහස් කර ඇති බව ය.

සිරකරුවන් හුවමාරුවෙන් පසුව අමෙරිකාව අයුතු රඳවා තැබීම් සංකේතවත් කෙරෙන ධජය ඔසවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත්, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පියවර ගෙන තිබුණේ, නිදහස ලැබූ සිරකරුවන්ගේ ඥාතීන් ඕවල් කාර්යාලය වෙත කැඳවීමට ය.

මෙය වාර්තා වන්නේ, ශීත යුද්ධයෙන් පසුව රුසියාව සහ බටහිර රටවල් අතර සිදුවූ විශාලතම සිරකරුවන් හුවමාරුව ලෙසය.

[