කොකේන් කිලෝ දෙකක් සමඟ මැලේසියන් කතක් අත්අඩංගුවට...

By Parami Dissanayake Aug 30, 2024 02:04 PM GMT
Report

ඊයේ (29) රාත්‍රියේ දී කොකේන් කිලෝ 03ක් සමග මැලේසියානු කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ බෙල්ලන්විල ප්‍රදේශයේ දී ය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කණ්ඩායමක් විසින් 24 හැවිරිදි සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේ ‍ය.

මැතිවරණ කොමිසමෙන් පොලිසියට උපදෙසක්...

මැතිවරණ කොමිසමෙන් පොලිසියට උපදෙසක්...

මෙම කොකේන් කිලෝ දෙකෙහි දළ වටිනාකම රුපියල් කෝටි 11ක් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පැවසී ය.

ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් රැඳවුම් නියෝග මත එම කාන්තාවගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කරන බව වාර්තා වේ.