චුයින්ගම් එකක් ගැන දැඩි අනතුරු ඇඟවීමක් - ජීවිතයත් නැති කරන මේ ගැන දැනුවත්වන්න..!

By Sewvandhi Jan 16, 2025 10:43 AM GMT
Report

සුනඛයින් අතර පැතිර යා හැකි බව පැවසෙන "wewolf syndrome" ලෙස හඳුන්වන රෝගයක් සම්බන්ධව, බ්‍රිතාන්‍යයේ පශු වෛද්‍යවරුන් විසින් සුනඛ හිමිකරුවන්ට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව චීනයේ නිෂ්පාදිත සුනඛයින් සඳහා ලබාදෙන සෙල්ලම් චුවින්ගම් වර්ගයක් මෙම බරපතල සෞඛ්‍ය ගැටලුවට හේතු වී ඇති බව යුරෝපා සංගමය ද පවසා ඇතැයි සඳහන් කරන විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ, ඉන් අනතුරුව බ්‍රිතාන්‍යය ද මෙම අනතුරු ඇගවීම සිදු කර ඇති බවයි.

බ්‍රිතාන්‍යය ආහාර ප්‍රමිති ඒජන්සිය පවසා තිබුණේ, Barkoo සහ Chrisco යන වෙළඳ නාම යටතේ අලෙවි කරන චුවින්ගම් වර්ග භීතිකාව, ආක්‍රමණශීලීත්වය, මාංශ පේශි කැක්කුම සහ ඇතැම් අවස්ථාවන්හිදී මරණය වැනි තත්ත්වයන් ඒවා ආහාරයට ගන්නා සුනඛයන්ට කාලානුරූපව ඇති කරන බවයි.

කෙසේවෙතත් බ්‍රිතාන්‍ය තුළ මේවනවිට එවැනි කිසිදු සිද්ධියක් මෙතෙක් වාර්තා වී නොමැති අතර, එම චුවින්ගම් එහි ප්‍රසිද්ධියේ අලෙවි කරන බවට ද වාර්තා නොමැති බවයි පැවසෙන්නේ.

කෙසේවෙතත් ආහාර ප්‍රමිති ඒජන්සිය අනතුරු ඇඟවූයේ ඇතැම් බ්‍රිතාන්‍ය ගැනුම්කරුවන් ජාත්‍යන්තර විකුණුම්කරුවන්ගෙන් අන්තර්ජාලය හරහා එම නිෂ්පාදන මිලදී ගෙන තිබිය හැකි බවයි. එම විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණේ, නෙදර්ලන්තය ද මේවන්විට මෙම ගැටළුවට මුහුණ පා සිටින බවයි.(උපුටාගැනීමක්)

…………………………………………………………………………

You may like this video 👇