හෙට සිට දිවයිනේ කාළගුණ තත්වය පිළිබදව අනාවරණයක්

Sri Lanka
By Sithumi Dec 24, 2022 11:07 AM GMT
Sithumi

Sithumi

Report

දිවයිනේ ප්‍රදේශ රැසකට හෙට (25) දිනයේ මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

 එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය හෙට දිනයේදී ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමේ හැකියාව පවතින බැවින් ප්‍රදේශ රැසක එලෙස වැසි ඇතිවිය හැකි බවයි.

මේ අතර  දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර උතුරු, නැගෙනහිර, ඌව සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.