කොළඹට යන එන අයට පොලීසියෙන් නිවේදනයක් - වසා දැමූ මේ අන්තර් හුවමාරුව යළි විවෘතයි
ජලයෙන් යට වූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරු මාර්ග යළි විවෘත කර ඇති බව පවසයි.
ඒ අනුව ඊයේ (13) දින අන්තර් හුවමාරුවේ අලුත්ගම මතුගම මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් කොළඹ දෙසට ඇතුළුවීමේ දොරටුව, කොළඹ දෙස සිට පැමිණෙන වාහන පිටවීමේ දොරටුව හා ගාල්ල දෙස සිට පැමිණෙන වාහන පිටවීමේ දොරටුව සැහැල්ලු වාහන සඳහා තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබුණා.
කෙසේ වෙතත් අද(14) දින වන විට ජලය බැසයාමත් සමඟ රථවාහන ගමනාගමනය සඳහා වැලිපැන්න අන්තර් හුවමාරු මේ වන විට නැවත විවෘත කිරීමට කටයුතු කර ඇති බව පොලීසිය නිවේදනය කරයි.