විශාල ලෙස ඉන්ධන මිල ඉහළ යාම හමුවේ රටේ ඉන්ධන කෝටාව සහ QR ක්‍රමය ගැන දැනුම්දීමක්

Report

ඉන්ධන කෝටාව වැඩි කිරීමට ඉදිරියේදී කටයුතු කළ ද QR ක්‍රමය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කිසිදු සූදානමක් නොමැති බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කර ඇත.

ඒ අනුව ඊයේ (11) දින කොළඹ දී පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ රටේ ඉන්ධන සංචිත කළමනාකරණය සඳහා මෙම ක්‍රමය ඉදිරියට ද පවත්වාගෙන යන බවයි.

අවුරුද්දක් යනකම් රත්තරන් ගන්න එපා - මහජන රැස්වීමේදී රටේ ජනතාවගෙන් ඉල්ලීමක්

අවුරුද්දක් යනකම් රත්තරන් ගන්න එපා - මහජන රැස්වීමේදී රටේ ජනතාවගෙන් ඉල්ලීමක්

එසේම අමාත්‍යවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් පවසා ඇත්තේ,

‘‘ඇත්තට ම අපිට QR එකක විශේෂයෙන් අවශ්‍යතාව පැන නැගුණේ අනවශ්‍ය විදිහට ඉන්ධන භාවිතය යම් විදිහකට සීමා කරන්න. ඒ වගේ ඉන්ධන ගැටලුව නිසා අනවශ්‍ය මිලදී ගැනීම් පාලනය කරන්නත්, ඒ වගේම අනවශ්‍ය පෝලිම් ඉන්ධන පිරවුම්හල් අසල ඇති වීම වළක්වා ගැනීම සඳහා තමයි අපිට QR එකක අවශ්‍යතාවය තිබුණේ. අපිට දැන් ඉන්ධන සම්බන්ධයෙන් විශාල ගැටලුවක් නැති වුණත් අප තවමත් හිතනවා විශාල වශයෙන් මේ ඉන්ධන මිල ඉහළ ගිහිල්ලා තියෙන නිසා අනවශ්‍ය ඩොලර් ප්‍රමාණයක් රටෙන් පිටතට ගලා යාම වළක්වා ගැනීම සඳහා ඉන්ධන පරිභෝජනය යම් සීමාවක් අපි හදාගන්න ඕන කියලා. ඒ නිසා දැනට බලාපොරොත්තු වෙන්නේ නැහැ QR එක නැති කරලා දාන්න ‘’ යනුවෙන්.

ඊසාන දෙසින් රට ළඟම තියෙන අඩුපීඩන කලාපයෙන් මුහුද කැළඹෙයි - ඉදිරි දින ගැන දිවයිනටම අනතුරු ඇඟවීමක්

ඊසාන දෙසින් රට ළඟම තියෙන අඩුපීඩන කලාපයෙන් මුහුද කැළඹෙයි - ඉදිරි දින ගැන දිවයිනටම අනතුරු ඇඟවීමක්

රැකියා ස්ථානයෙන් ප්‍රශංසා ලැබෙන අද මේ ලග්නවලට වාසි රැසක් - සුභ අසුභ තොරතුරු එක්ක දවසේ ලග්න පලාපල

රැකියා ස්ථානයෙන් ප්‍රශංසා ලැබෙන අද මේ ලග්නවලට වාසි රැසක් - සුභ අසුභ තොරතුරු එක්ක දවසේ ලග්න පලාපල

කපිල නිසා මහින්ද කොටු වෙයිද? උණුසුම මැද අද අල්ලස් කොමිසමට

කපිල නිසා මහින්ද කොටු වෙයිද? උණුසුම මැද අද අල්ලස් කොමිසමට