බස් රථයකට නැග රියදුරුට පහර දෙයි - පාලනයෙන් ගිලිහුණු බස් රථය නිසා මවකට දිවි අහිමිවෙයි..බස් රථය තුළ සීසීටීවී දර්ශන සහිතයි..(CCTV VIDEO)

Sri Lanka Accident
By Sewvandhi Jan 18, 2023 10:39 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පසුගියදා වැලිගම ප්‍රදේශයේ දී මගීන් පිරිසක් බස් රියදුරෙකුට පහරදීමට උත්සාහ කිරීමේදී සිදුවූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියක් වාර්තා වුණා .

පසුගිය 16වැනිදා මාතර සිට කොළඹ බලා පැමිණෙමින් සිටි එම බස් රථයට රාත්‍රී 9ට පමණ වැලිගම ප්‍රදේශයෙන් තරුණයන් දෙදෙනෙක් ගොඩවී තිබේ. රෙස්ට් හවුස් හංදියෙන් බස් රථය නවත්වන ලෙස මෙම තරුණයන් දෙදෙනා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමත් සමග දෙපාර්ශ්වය අතර බහින් බස්වීමක් සිදුව තිබුණි.

අදාළ ස්ථානයෙන් රියදුරු බස් රථය නොනවත්වා ධාවනය කෙරුණත් තරුණයන් දෙදෙනා ධාවනය වෙමින් තිබූ බස් රථයෙන් බිමට පනී. පසුව එම තරුණයන් දෙදෙනා නැවතත් පසුපස දොරින් බස් රථයට ගොඩවී රියදුරු ආසනය වෙත පැමිණ රියදුරුට පහරදෙන ආකාරය බස් රථය තුළ සවිකර තිබූ CCTV කැමරාවේ සටහන්ව තිබුණි.

එහිදී රියදුරුට බස් රථය පාලනය කිරීම අපහසු වන අතර රියදුරුගේ පාලනයෙන් ගිලිහී යන බස්රථය බස් නැවතුම්පොළක සිටි කාන්තාවක් සහ දරුවෙකුගේ ගැටී තිබේ. 

 අනතුරින් අදාළ කාන්තාව එම ස්ථානයේදී ම මියගොස් ඇති අතර දරුවා මතර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. සිද්ධියට සම්බන්ධ වූ රියදුරු හා අනෙක් තරුණයන් දෙදෙනා වැලිගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

(වීඩියෝ - අද දෙරණ)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now