2026 සුබ අලුත් අවුරුද්දක් වේවා !
ඔබට ගිය අවුරුද්දේ ඔබට සමහර අත්දැක්දැකීම් නීරස වන්නට ඇති .ඒ වගේම ඔබේ ජීවිතයේ බොහෝ දෙනෙක් එකතු වෙන්නට ඇති .සමහර අය ගිය අවුරුද්දේ ඔබේ ජීවිතයම එපා කරවන්න ඇත.
නමුත් ඒ සියල්ල අමතක කර අලුත්ම සිතුවිලි වලින් අලුත් අවුරුද්දට පිය මනින්න . ජීවිතේ ඔබ වෙනුවෙන් ගිය අවුරුද්දෙත් පෙනී සිටපු ඒ වගේම මේ අවුරුද්දෙත් ඔබ වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින අයට හදවතින්ම ස්තුතිවන්ත වෙන්න. ඒ වගේම අනේ මට ගිය අවුරුද්දේ මේ දේ කරන්න බැරි වුණානෙ කියලා පසුතැවෙන්නේ නැතුව අලුත් විදිහකට ජීවිතේ ආරම්භ කරන්න.
ඒ වගේම ඔබට වැරදුණු සැලැස්මක් වේනම් එය වෙනස් කරගන අලුත් අවුරුද්දට පිය නගන්න . කවදාවත් තමන්ගේ හීන අත් ඇර ගන්නනම් එපා . මගෙ හීන වලට යන්න මේ අවුරුද්දේ මම වැඩ කරනවා කියලා අද අලුතෙන් මේ අවුරුද්ද පටන් ගන්න. ඉතිං අලුත් නැවුම් සිතින් හිතේ කිළිටක් නැතුව , අලුත් අවුරුද්ද ආරම්භ කරන්න.
ඔබ සියළු දෙනාටම සිතේ සතුටින් දිවි ගෙවන්න සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන්
සුබ අලුත් අවුරුද්දක් වේවා !