සතිඅන්ත බස් ධාවනය ගැන විශේෂ දැනුම්දීමක්..!
By Sewvandhi
ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, අද (22) දිනයෙන් ආරම්භ වෙන දීර්ඝ සතිඅන්ත නිවාඩුව සඳහා ප්‍රමාණවත් තරම් බස් රථ යොදවා ඇති බවයි.
කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු අවධාරණය කළේ, මඟීන්ගේ පහසුව සඳහා වැඩි බස් ප්‍රමාණයක් යොදවා ඇති බවයි.
වේලාසනින් පැමිණිය හොත් තදබදයකින් තොර ව ගම්බිම් බලා යාමට හැකියාව ලැබෙනු ඇති බව ද ඔහු සඳහන් කළේය.
මේ අතර, ගම්බිම් බලා ගොස් නැවත පැමිණීමේ දී එනම් පෝය සහ නත්තල් දිනවල රියදුරන් සහ කොන්දොස්තරවරුන් නිවාඩු ලබා ගැනීමට නියමිත බව ද ඔහු පැවසීය.
ඒ අනුව පෝය සහ නත්තල් දිනවල බස් ධාවනයේ යම් කිසි අඩුවක් පැවතිය හැකි බව ද ඔහු අවධාරණය කර තිබේ.