මඟුල් කපුකම් කිරීමට කෘත්‍රිම බුද්ධියේ සහය

By Wasantha Jul 26, 2021 06:15 AM GMT
Wasantha

Wasantha

Report

සීග්‍රෙයන් පහළ යමින් තිබෙන උපත් අනුපාතිකය ඉහළ දැමීම සඳහා ජපානයේ තරුණ තරුණියන්ට මඟුල් කපුකම් කිරීමට කෘත්‍රිම බුද්ධියේ සහය ලබාදීමේ යෝජනා ක්‍රමයක් ජපන් රජය දියත් කර තිබෙනවා.

ජපානයේ වැසියන්ට සිය ආදරය සොයා ගැනීම සඳහා කෘත්‍රිම බුද්ධියේ ආධාරය ලබා ගනිමින් වැඩසටහන් දියත් කරන පළාත් පාලන ආයතනවලට ලබන වසරේ පටන් සහනාධාර ලබා දීමට ජපන් රජය තීරණය කර ඇති බවයි විදෙස් පුවත් සේවා වාර්තා කරන්නේ.

ජපානයේ උපත ලබන දරුවන්ගේ ප්‍රමාණය පසුගිය වසරේ වාර්තා ගත මට්ටමකින් පහළ වැටී තිබෙනවා.

ඒ අනුව නිල වාර්තා සඳහන් කළේ පසුගිය වසර තුළ ජපානයේ උපන් දරුවන්ගේ ගණන 865,000කට වඩා අඩු මට්ටමකින් තිබුණු බවයි. වයසින් වැඩි ජාතියකට වේගයෙන් උරුමකම් කියමින් සිටින ජපානය ලෝකයේ අඩුම උපත් අනුපාතිකයක් සහිත රටකි.

එය යථා තත්වයට පත්කර ගැනීම සඳහා ජපානය මේ වන විට විවිධ උපක්‍රම යොදා ගනිමින් පවතින බවද විදෙස් පුවත් සේවා පවසනවා.