හෙට දිනය ගැන භයානක අනතුරු ඇඟවීමක්. - ආරක්ෂිත ස්ථානයක් වෙත යන්න. - විශේෂ දැනුම්දීම මෙන්න.
Department of Meteorology
Weather
By Wayomi
හෙට (29) දිනයේදී උතුරු බෙංගාල බොක්ක ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයක් වර්ධනයවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
එම මුහුදු ප්‍රදේශවල ඉතා තද සුළං (පැ. කි. මී. 70-80) සමග තද වැසි ඇති විය හැකි බවත්, එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවත් නිවේදනයේ සඳහන්.
රජයෙන් දෙන රු.30,000 සහනාධාරය රු. 50,000 දක්වා වැඩි කර ගිණුම් වලට බර කෙරේ. - ඇමති බන්දුලගේ විශේෂ ප්‍රකාශය මෙන්න.
මේ හේතුවෙන් උතුරු බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ බහුදින ධීවර යාත්‍රා හා නාවික යාත්‍රා කටයුතුවල යෙදී සිටින පිරිස් වහාම ගොඩබිම හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණිය යුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.
අද (29) පස්වරු 3:30ට නිකුත් කර ඇති එම නිවේදනය හෙට (29) පස්වරු 3:30 දක්වා වලංගු වෙයි.