කැළඹුණු කාලගුණය - අදත් ගිගුරුම් සහිත වැසි!
By Shehan
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව, අද (23) ප.ව. 1.00න් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තද වැසි බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර පළාතේ සහ ගාල්ල, මාතර, පුත්තලම දිස්ත්‍රික්කවල උදෑසන කාලයේද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු වලින් ඇතිවිය හැකි අනතුරු අවම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.
එසේම, මධ්‍යම, සබරගමුව, ඌව පළාත්වල සහ අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.