ටීචර් අම්මාට පොලිසිය දී ඇත්තේ අගමැති කාර්යාල නියෝගයකින්!!

By Shehan Apr 22, 2025 11:19 AM GMT
Report

අප්‍රේල් 17 සහ 18 යන දිනවල කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් සිසුන් ඇගයීමේ උත්සවයට ආරක්ෂාව සැපයීමට පොලිසිය කටයුතු කර ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඉල්ලීමකට අනුව බව වාර්තා වේ.

අප්‍රේල් 08 වැනිදා ලිපියක් මගින් අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී ඇති අතර, සිසුන් හා දෙමව්පියන් විශාල පිරිසක් සහභාගී වන බැවින් ආරක්ෂාව සැපයීමට ඉල්ලා ඇත.

බල්ටියක පෙර නිමිති..? වෙනස්වුනු දිගාම්බරම්!

බල්ටියක පෙර නිමිති..? වෙනස්වුනු දිගාම්බරම්!

පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසන පරිදි, පොලිස් වාහන සහ නිලධාරීන් නීතිවිරෝධී ලෙස භාවිතා වී ඇත්දැයි පරීක්ෂණයක් සිදු කෙරේ.

උත්සවයට සිසුන් 8,000ක් සහභාගී වන බව දැනුම් දී, මුදල් ගෙවීමේ පදනම මත පොලිස් පහසුකම් ලබාගෙන ඇත.

කෙසේ වෙතත්, එම පහසුකම් වෙනත් කාර්යයකට භාවිතා කළ බවට සැකයක් මතුව ඇති බැවින්, ඒ සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් කෙරෙන බව ඔහු සඳහන් කළේය.

රන් මිල වාර්තාගත ලෙස ඉහළ යයි – අද මිල ගණන් මෙන්න

රන් මිල වාර්තාගත ලෙස ඉහළ යයි – අද මිල ගණන් මෙන්න

විශේෂ අවස්ථාවන්හිදී මුදල් ගෙවීමේ පදනම මත පොලිස් නිලධාරීන් සහ වාහන ලබාගත හැකි බවද ඔහු පැවසීය.