අද කාලගුණය - වැසි, සුළං, සහ හිරු මුදුන්වන ප්‍රදේශ
By Shehan
බස්නාහිර, සබරගමුව, ගාල්ල, මාතර, මහනුවර, සහ නුවරඑළිය ප්‍රදේශවල අද (03) ස්වල්ප වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ප.ව. 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම්, උතුරු-මැද, වයඹ පළාත්, සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට පැ.කි.මී. 30-40ක තද සුළං.
අගෝස්තු 28 සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සූර්යයා සෘජුව ඉහළින්. අද දහවල් 12:09ට මාරවිල, දම්පැලැස්ස, මාවතගම, උකුවෙල, සහ කල්මුණේ ප්‍රදේශවල හිරු මුදුන්ව පවතී.
වැසි සහිත ප්‍රදේශවල ගිගුරුම් හේතුවෙන් ආරක්ෂාකාරී වන්න. තද සුළං හමන ප්‍රදේශවල ගස් කඩා වැටීම් ගැන අවධානයෙන් සිටින්න.