ප්‍රදේශ 12කට විශේෂ දැනුම්දීමක්..මෙම ප්‍රදේශ වල අය දැඩි අවධානයෙන් ඉන්න.
දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණය හේතුවෙන් හෙට(25) සිට ලබන 28වනදා දක්වා ගංගා ද්‍රෝණි කිහිපයක ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් සිදු කරයි.
ඒ අනුව පහත දැක්වෙන ගංගා ද්‍රෝණිවල පහත බිම්වල ජනතාව සහ එම ප්‍රදේශ හරහා ගමන් කරන ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතුය.
මල්වතු ඔය ද්‍රෝණිය
කලා ඔය ද්‍රෝණිය
කනගරායන් ආරු ද්‍රෝණිය
පරංගි ආරු ද්‍රෝණිය
මා ඔය ද්‍රෝණිය
යාන් ඔය ද්‍රෝණිය
මහවැලි ගඟ ද්‍රෝණිය
මාදුරු ඔය ද්‍රෝණිය
මුන්දෙනිආරු ද්‍රෝණිය
ගල් ඔය ද්‍රෝණිය
හැඩ ඔය ද්‍රෝණිය
විල ඔය ද්‍රෝණිය
You May Like This Video