ඉදිරි පැය 24 තීරණාත්මකයි..දිවයින පුරා සිටින ජනතාවට විශේෂ දැනුම්දීමක්..

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 දක්වා වලංගු වන පරිදි තද වැසි පිලිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයෙන් බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු පළාත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්ක සඳහා සැලකිලිමත්වන ලෙසටයි දැනුම් දී ඇත්තේ.

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අද සිට වැසෙන පාසල්..මෙම කලාප වල සියලු පාසල් වලට නිවාඩු දෙයි..එම පාසල් ලැයිස්තුව මෙන්න.

අද සිට වැසෙන පාසල්..මෙම කලාප වල සියලු පාසල් වලට නිවාඩු දෙයි..එම පාසල් ලැයිස්තුව මෙන්න.


බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද අදාල නිවේදනයේ සඳහන් වේ.

මේ අතර, බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව දන්වා ඇත.

දිවයිනේ සෙසු ප්‍රදේශ වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති බව දන්වා තිබේ.

ඔබත් මේ ලග්න වලනම් අද මල් 07යි..වැල්ලෙ බඹරෙත් කැරකෙන යෝගයක්..තරුණියන්ගෙ ආකර්ෂණයත් වැඩි වෙයි..

ඔබත් මේ ලග්න වලනම් අද මල් 07යි..වැල්ලෙ බඹරෙත් කැරකෙන යෝගයක්..තරුණියන්ගෙ ආකර්ෂණයත් වැඩි වෙයි..


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.