අද සිට වැසෙන පාසල්..මෙම කලාප වල සියලු පාසල් වලට නිවාඩු දෙයි..එම පාසල් ලැයිස්තුව මෙන්න.

Report

පවතින වැසි තත්ත්වය හේතුවෙන් කොළඹ අධ්‍යාපන කලාපයේ සියලුම පාසල්වලට අද (14) දිනයේ නිවාඩු ලබාදීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම ගම්පහ සහ කැලණිය අධ්‍යපාන කලාපයේ සියලු පාසල් අද (14) සහ හෙට (15) වසා දැමීමට තීරණය කර ඇති බවයි, පළාත් අධ්‍යාපන අමාත්‍යංශය කළේ.

මීට පෙර කොළොන්නාව සහ කඩුවෙල අධ්‍යාපන කලාපවල පාසල්වලට නිවාඩු ලබදීමට තීරණය කෙරුණා.

ඔබත් මේ ලග්න වලනම් අද මල් 07යි..වැල්ලෙ බඹරෙත් කැරකෙන යෝගයක්..තරුණියන්ගෙ ආකර්ෂණයත් වැඩි වෙයි..

ඔබත් මේ ලග්න වලනම් අද මල් 07යි..වැල්ලෙ බඹරෙත් කැරකෙන යෝගයක්..තරුණියන්ගෙ ආකර්ෂණයත් වැඩි වෙයි..


එමෙන්ම වත්තල අධ්‍යාපන කොට්ඨාසයේද සියලුම පාසල් ද වසා තැබෙන බවයි මීට පෙර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය සඳහන් කළේ.

කෙසේ වෙතත් සෙසු කලාප සියල්ලෙහි පාසල්වල වැඩ කටයුතු සුපුරුදු පරිදි සිදු කිරීමට නියමිතයි.

මේ අතර අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් වන තීරණය ගැනීමේ බලය පළාත් අධ්‍යාපන බලධාරින්ට ලබාදී තිබෙනවා.

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සමඟ සාකච්ඡා කර අදාළ තීරණය ගැනීමට කටයුතු කළ බවයි, අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.