අද රෑ හරියටම 11.30 වෙද්දී ඒ වෙනවා කීව දෙය වෙයි ද?. ඇස් රතු වෙන එම ආරංචිය මෙන්න..

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඊයේ (24) තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබුණේ ය.

අද රෑ හරියටම 11.30 වෙද්දී ඒ වෙනවා කීව දෙය වෙයි ද?. ඇස් රතු වෙන එම ආරංචිය මෙන්න.. | Weather In Sri Lanka 25Th May 2024

ඒ අනුව ගිනිකොණදිග අරාබි මුහුද සහ බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිත ගැඹුරු මුහුදු ප්‍රදේශවල ක්‍රියාකරන ධීවර සහ නාවික ප්‍රජාවට වඩාත් සැලකිලිමත් වන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනු ලැබුවේ ය.

එමෙන්ම, අද (25) උදේ 5.30 වනවිට නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩුපීඩන කලාපය ඊසාන දෙසට ගමන් කර මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව ද සඳහන් කළේ ය.

මියගිය එයාගේ දේහය ඉල්ලලා බිරින්දෑවරු 04ක් වැල නොකැඩී පෝලිමට ඇවිල්ලා - වෙනස්ම විදිහේ අමුතුම දෙයක් කුලියාපිටියෙ වෙලා..

මියගිය එයාගේ දේහය ඉල්ලලා බිරින්දෑවරු 04ක් වැල නොකැඩී පෝලිමට ඇවිල්ලා - වෙනස්ම විදිහේ අමුතුම දෙයක් කුලියාපිටියෙ වෙලා..


පසුව එය තවදුරටත් එය උතුරු දෙසට ගමන් කරමින් අද රාත්‍රී 11.30 පමණ වන විට චණ්ඩ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

මේ වන විට මධ්‍යම - නැගෙනහිර බෙංගාල බොක්ක ආශ්‍රිතව චණ්ඩ සුළි කුණාටුවක් වර්ධනය වෙමින් පවතී.

මුහුද ගොඩ ගලයි - සීයකට වැඩි පවුල් ගාණක් වහාම ආරක්ෂිත ස්ථාන කරා.. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න.(PHOTOS)

මුහුද ගොඩ ගලයි - සීයකට වැඩි පවුල් ගාණක් වහාම ආරක්ෂිත ස්ථාන කරා.. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න.(PHOTOS)


එම "රෙමල් " නැමැති චණ්ඩ සුළි කුණාටුව බංග්ලාදේශය දෙසට ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් ඇති "රෙමල්" කුණාටුව හේතුවෙන්, දිවයිනේ ප්‍රදේශ රැසකට තවදුරටත් තද වැසි සමග තද සුළං ඇතිවිය හැකි ය.