අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසයට ආ තිසකුට්ටි ආරච්චි පිටව යයි
ප්රකාශයක් ලබාදීමට අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසයට පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්රී තිසකුට්ටි ආරච්චි මහතා ඉන් පිටත්ව ගොස් ඇත
මීට වසර 13කට පෙර සිය නිවස ඉදිකිරීම සඳහා මුදල් සොයාගත් ආකාරය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා තමන් කැඳවා තිබූ බව හිටපු මන්ත්රීවරයා සඳහන් කළේය.
එහිදී මාධ්ය වෙත අදහස් දක්වමින් ඔහු චෝදනා කළේ තමන් ඇතුළු පිරිස දේශපාලන පළිගැනීම්වලට ලක් කිරීමේ අරමුණින් මෙලෙස කැඳවීම් සිදුකරන බවයි.
“රට සම්පූර්ණයෙන් නතර වෙලා, ජනාධිපතිතුමනි. මේක ඔබේ රට නෙමෙයි, අපේ රට” යනුවෙන් පැවසූ ඔහු, ඉදිරියේදී ආණ්ඩු බලය වෙනස් කර තමන් ඇතුළු පිරිස බලයට පැමිණෙන බවටද ප්රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මන්ත්රීවරයා කියා සිටියේ, තමන් බලයට පත්වීමෙන් පසු ශීතකරණ සහ රෙදි සෝදන යන්ත්ර වැනි දේ පිළිබඳව නොව, බහාලුම් 323 සම්බන්ධයෙන් ප්රශ්න කරන බවයි.
තවද, තමන් සිරගත කිරීමට පියවර ගන්නේ නම් මරණ දඬුවම ලබාදී හෝ සිරගත කරන ලෙස පැවසූ ඔහු, හුස්ම පොදක් හෝ තිබෙන තාක් සිරගෙදර සිට වුවද සිය සටන ඉදිරියට ගෙන යන බව ප්රකාශ කළේය.