දිවයින පුරා අද සිට වැසි තත්ත්වයේ වෙනසක්...මේ ප්‍රදේශ වලට වැස්ස වැඩි වෙයි..

Western Province Southern Province Sabaragamuwa Province TN Weather Weather
By Aruna Nov 11, 2024 12:55 AM GMT
Aruna

Aruna

Report

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර මධ්‍යම, ඌව, සබරගමුව සහ දකුණු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි අදාල නිවේදනයේ සඳහන් වන්නේ.

අද ලග්ග 06කට ඉතාමත් යහපත්..ලග්න 04ක අය දැඩි කල්පනාකාරීව හැසිරෙන්න..

අද ලග්ග 06කට ඉතාමත් යහපත්..ලග්න 04ක අය දැඩි කල්පනාකාරීව හැසිරෙන්න..


මේ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව සඳහන් වේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී ඇත්තේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

ReeCha