අද සිට වැස්ස සහ සුළං තත්ත්වයේ වෙනසක්..විශේෂයෙන් මේ ප්‍රදේශ වලට..

Western Province Southern Province TN Weather Weather
By Aruna Jul 18, 2024 01:19 AM GMT
Aruna

Aruna

Report

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

සබරගමුව පළාතේත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, ඇතැම් ස්ථානවලමි.මී.50 පමණ තරමක තද වැසි ඇතිවන බවද අදාල නිවේදනයේ සඳහන්වේ.

ලග්න කිහිපයකට අද සුපිරි ධන යෝගයක්.. ලග්න 4ක අය දැඩි අවධානයෙන් ඉන්න.

ලග්න කිහිපයකට අද සුපිරි ධන යෝගයක්.. ලග්න 4ක අය දැඩි අවධානයෙන් ඉන්න.


එම දෙපාර්තමේන්තුව පවසන්නේ, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද එහි වැඩිදුරටත් සඳහන් වනවා.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (30-40)ක පමණ තරමක තද සුළං ඇතිවිය බවයි.

ලොව ප්‍රබල ජනාධිපතිවරයෙකුට කොරෝනා..ඡන්දයක් අතලඟ තියෙද්දි වෙච්ච දේ මෙන්න..

ලොව ප්‍රබල ජනාධිපතිවරයෙකුට කොරෝනා..ඡන්දයක් අතලඟ තියෙද්දි වෙච්ච දේ මෙන්න..