ලොව ප්‍රබල ජනාධිපතිවරයෙකුට කොරෝනා..ඡන්දයක් අතලඟ තියෙද්දි වෙච්ච දේ මෙන්න..
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට 'කොවිඩ් 19' වයිරසය ආසාදනය වී ඇතැයි ධවල මන්දිරය පවසනවා.
81 හැවිරිදි ජනාධිපතිවරයාට මීට පෙර ද 'කොවිඩ් 19' ආසාදනය වී තිබියදී යළිත් මෙලෙස වැළඳී ඇති බවයි පැවසෙන්නේ.
නොවැම්බරයේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් බයිඩන් ඉදිරිපත් වන පසුබිමක මෙලෙස වැළඳී ඇත.
'කොවිඩ් 19' ආසාදිතයකු වූ බැවින් මැතිවරණ කටයුතුවලට බාධා එල්ල වනු ඇතැයි ද එරට මාධ්‍ය වාර්තා කරයි.
බයිඩන්, කොවිඩ් පරීක්ෂණ සඳහා යොමු කෙරුණේ සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් හේතුවෙන් බවයි පැවසෙන්නේ.
මේ වනවිට බයිඩන් සිය ඩෙලවෙයාර් ජනපදයේ රෙහෝබෝත් නිවසේ හුදෙකලා වී සිටින බව ද ධවල මන්දිර වාර්තා පවසයි.