අද කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න..

Western Province Southern Province Sabaragamuwa Province TN Weather Weather
By Aruna Jun 15, 2024 01:16 AM GMT
Aruna

Aruna

Report

අද (15) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

තවද මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ සඳන්වන්නේ.

ලග්න කිහිපයකට අද සුපිරි ධන යෝගයක්.. ලග්න 4ක අය දැඩි අවධානයෙන් ඉන්න.

ලග්න කිහිපයකට අද සුපිරි ධන යෝගයක්.. ලග්න 4ක අය දැඩි අවධානයෙන් ඉන්න.


මේ අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැකි බවයි සඳහන් වන්නේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං නිරිත දිශාවෙන් හමා එන අතර, කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. (35-45) පමණ වන බවයි අදාල නීතියේ සඳහන් වන්නේ.

මෙම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60 දක්වා වැඩි විය හැකි බව ද දන්වා ඇත.

මඩකලපුව සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා සහ පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ද පැ.කි.මී. (25-35) පමණ වන බව දන්වා තිබේ.

යළි තෙල් මිල එකවරම ඉහළ යයි..සටහන් වූ නව මිළ ගණන් මෙන්න..

යළි තෙල් මිල එකවරම ඉහළ යයි..සටහන් වූ නව මිළ ගණන් මෙන්න..


මෙම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා ද වැඩි විය හැකි බවයි එම නිවේදනයේ සදහන් වන්නේ.

මේ අතර, කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.

මඩකලපුව සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා සහ පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දී ඇත.