දිවයින පුරා ප්‍රදේශ රැසකට අධික වැසි..සුළං වලින් හැමෝම ආරක්ෂා වන්න..

Report

නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මේ අනුව, එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ,දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

මැයි 30 වනදා පාර්ලිමේන්තුව විසුරුවා ජූලි 04 හදිසි මැතිවරණයක් කැඳවයි..

මැයි 30 වනදා පාර්ලිමේන්තුව විසුරුවා ජූලි 04 හදිසි මැතිවරණයක් කැඳවයි..


සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 150 පමණ ඉතා තද වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර සහ වයඹ පළාත්වලත් මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව ද එම නිවේදනයේ සඳහන්.

ගැබිණි මව්වරුන් විදියට කරපු දෙයක් ගැන ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් හෙළි කළ දේ මෙන්න..

ගැබිණි මව්වරුන් විදියට කරපු දෙයක් ගැන ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් හෙළි කළ දේ මෙන්න..


දිවයිනේ සෙසු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂාමධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. කෙරෙනවා.