ගැබිණි මව්වරුන් විදියට කරපු දෙයක් ගැන ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් හෙළි කළ දේ මෙන්න..

Report

තමන් කෙරෙහි ගැබිණි මව්වරුන් තමා තිබූ විශ්වාසය කිසිදු දිනක කඩ නොකළ බව වෛද්‍ය ෂිහාබ්දීන් මොහොමඩ් ෂාෆි මහතා විසින් අවධාරණය කර තිබෙනවා.

අවස්ථාවාදී අරමුණු උදෙසා නීතිය, විද්‍යාව සහ ජනමධ්‍ය අවභාවිත කිරීම යන තේමාව යටතේ පැවැති සංවාදයකට එක්වෙමින්, ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

ගැබිණි මව්වරුන් විදියට කරපු දෙයක් ගැන ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් හෙළි කළ දේ මෙන්න.. | Mohamad Shafi

වෛද්‍යවරයා එහිදී කියා සිටියේ, කුරුණෑගල අවට සිටින ගැබිණි මව්වරුන් අදටත් තම වෙත පැමිණ දරු ප්‍රසූතිය සිදු කරගන්නා බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මොහොමඩ් ෂාෆි මහතා,.

"අපි සියලු දෙනාම මේ රටට ආදරෙයි. අපි සියලු දෙනාම ඊළඟ පරම්පරාවට හොඳ රටක් හදලා දෙන්න අවශ්‍යයි කියලා කියන මතයෙන් ජීවත් වෙන මනුස්සයෙක් මම.

මැයි 30 වනදා පාර්ලිමේන්තුව විසුරුවා ජූලි 04 හදිසි මැතිවරණයක් කැඳවයි..

මැයි 30 වනදා පාර්ලිමේන්තුව විසුරුවා ජූලි 04 හදිසි මැතිවරණයක් කැඳවයි..


මේ රට මට කරපු අපරාදයට රට දාලා යන්න ඔනේ කියලා හිතන පළමු කෙනා මම වෙන්න ඔනේ. නමුත් මම කවදාවත් එහෙම හිතලා නැහැ.

මම ඒ දවස්වල ගත කළේ ඔයාලා හැමෝම දන්න මාකඳුරේ මධූෂ් එක්ක. මම ඔහුගෙන් දැක්ක මනුස්සකම පාර්ලිමේන්තුවේ සුදු ඇඳගත්ත මිනිසුන්ගෙන් දැක්කේ නැහැ.

සමස්ත සිංහල අය වෙනුවෙන් සමාව ඉල්ලපු කිහිප දෙනෙක් ඉන්නවා. කුරුණෑගල ශික්ෂණ රෝහල මගේ මහගෙදර කියලයි මම හිතන්නේ.

වෛද්‍යවරයෙක් විදිහට මම සේවය කරන කාලය තුළ කවදාත් මුස්ලිම් වෛද්‍යවරයෙක් විදිහට කටයුතු කරලා නැහැ.

මගේ ළඟ පෝළිමේ ඉන්නේ සිංහල ජනතාව. මම කවදාවත් ඒ විශ්වාසය නැති කරලා නැහැ.

ඒ ආත්ම විශ්වාසය උඩ තමා ආපහු කුරුණෑගල ශික්ෂණ රෝහලට යන්න ඔනේ කියලා හිතුණේ.

අදට කුරුණෑගල අවට ඉන්න මිනිස්සු මගෙන් ඩිලිවරිස් කරගෙන යනවා.

බෞද්ධාලෝක මාවතෙහි වෙසක් කලාපය ගගන ඔස්සේ සජීවීව නරඹන්න(LIVE) ..

බෞද්ධාලෝක මාවතෙහි වෙසක් කලාපය ගගන ඔස්සේ සජීවීව නරඹන්න(LIVE) ..


අදටත් සමහර අය සීසර් කරන ගමන් කියනවා. සර්, මට සමාවෙන්න සර්.

සමාජය තුළ සිදු වුණ හානි නිසා මම ඔයාට විරුද්ධව පැමිණිලි කළා කියලා.

මේ බෞද්ධ දර්ශනය පිළිපඳින රට වෙනත් රටවලට ආදර්ශයක් වෙන්න ඔනේ."