කාලගුණයත් වෙනස් වෙයි?. අද වැස්ස එන්නෙ මෙන්න මේ වෙලාවට.. ප්‍රදේශ රැසකට ජනතාවට දැනුම්දීමක්.

By krishani Nov 22, 2023 12:37 AM GMT
Report

අද (22) දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

හිතුවටත් වඩා දරුණුයි - වෙන්න යන දේ ගැන රටටම දැනුම්දීමක් මෙන්න.

හිතුවටත් වඩා දරුණුයි - වෙන්න යන දේ ගැන රටටම දැනුම්දීමක් මෙන්න.


ඒ අනුව මධ්‍යම, සබරගමුව, වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ඇති විය හැකි බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකිය.

කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.