මේ සහල් සඳහා රුපියල් 280 ක ආනයන බද්දක් - HS කේත නිශ්චිතව දක්වමින් මුදල් අමාත්‍යාංශය ගැසට් නිවේදනයක්
වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් කිලෝග්රෑමයකට රුපියල් 280 ක ආනයන බද්ද අදාළ වන්නේ ජැස්මින් සහල් සහ ඇලෙන සුළු සහල් සඳහා පමණක් බවත් සංශෝධිත බද්ද නාඩු සහල් ඇතුළු අනෙකුත් සහල් වර්ග ද ආවරණය කරන බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරන බවත් සඳහන්.
ඒ අනුව ඊයේ (04) දින පාර්ලිමේන්තුව අමතමින් ඔහු කියා ඇත්තේ, මෙම ප්‍රභේද දෙක විශේෂ වෙළඳ සහන ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙන බවත්, දැන් කිලෝග්රෑමයකට රුපියල් 280 ක සම්මත ආනයන බද්දට යටත් වන බවත්ය.
එමෙන්ම සංශෝධිත බදු විධිවිධානයට නාඩු සහල් ඇතුළත් නොවන බව ඔහු අවධාරණය කළ අතර, බලපෑමට ලක් වූ සහල් වර්ග හඳුනා ගැනීමට අදාළ හාර්මොනයිස්ඩ් සිස්ටම් (HS) කේත වෙත යොමු වන ලෙසත් මහජනතාවගෙන් සහ මාධ්‍යයෙන් ඉල්ලා සිටි බව සඳහන්.
මේ අතර අමාත්‍ය සමරසිංහ පැහැදිලි කළේ 2023 දී ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇතිව සංචාරක ව්‍යාපාරවලට ජැස්මින් සහ ඇලෙන සුළු සහල් ආනයනය කිරීමට අවසර දී තිබූ බවයි.
එහෙත් ආනයන නිරීක්ෂණය කිරීමට නිසි නියාමන යාන්ත්‍රණයක් නොමැතිව අනුමැතිය ලබා දී ඇති බව ඔහු සඳහන් කර ඇත.
ඒ අනුව සාකච්ඡාවලින් අනතුරුව, ආහාර සුරක්ෂිතතා කමිටුව සහල් වර්ග දෙක සඳහා කිලෝග්රෑමයකට රුපියල් 65 සිට රුපියල් 280 දක්වා බද්ද සංශෝධනය කිරීමට තීරණය කර ඇත.
එමෙන්ම අමාත්‍යවරයා සහල් ආනයන පරිමාවන්, දේශීය අවශ්‍යතා සහ මෙම වර්ග ආනයනය කිරීමෙන් දේශීය සහල් වෙළඳපොළට ඇති විය හැකි බලපෑම තක්සේරු කිරීම සඳහා විශේෂඥ කමිටුවක් ද පත් කර ඇති බව ද පැවසූ බව සඳහන්.
තවද සහල් වර්ග දෙක සහ ඒවාට අනුරූප HS කේත නිශ්චිතව දක්වමින් මුදල් අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවත් ඔහු ප්‍රකාශ කර ඇති බව සඳහන්.
මේ අතර බදු සංශෝධනයෙන් බලපෑමට ලක් වූ සහල් වර්ග පැහැදිලිව හඳුනා නොගෙන ඇතැම් මාධ්‍ය නොමඟ යවන වාර්තා පළ කරන බවට අමාත්‍ය සමරසිංහ මහතා චෝදනා කර ඇති බව වාර්තා වේ.
ඔහු කියා ඇත්තේ මෙම තීරණය සහල් හිඟයක් ඇති කරන බවට කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින්, සහල් වෙළඳපොලේ පවතින ගැටළු විසඳීමට සහ සහල් ආනයන නියාමනය වැඩිදියුණු කිරීමට මෙම පියවර ගෙන ඇති බවයි.