අද දවසේ කාලගුණය - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්.

Sri Lanka Weather
By krishani Jul 15, 2023 01:38 AM GMT
krishani

krishani

Report

අද (15) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එමෙන්ම, ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්වලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.