ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ තද වැසි..මීදුම් සහිත තත්ත්වයකුත්..

By Piyumika Nov 09, 2024 01:33 AM GMT
Report

අද (9) ප.ව. 1න් පමණ පසු මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අත්බෑගයක් නිසා ජනාධිපතිවරයෙක් බිරිඳ වෙනුවෙන් සමාව ඉල්ලයි..

අත්බෑගයක් නිසා ජනාධිපතිවරයෙක් බිරිඳ වෙනුවෙන් සමාව ඉල්ලයි..

එමෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වල උදැසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

මාස 06ක සිරදඬුවමෙන් තමන්ව ඇප මත මුදාහරින ලෙස සමාගම් අධ්‍යක්ෂවරයෙක් ඇප ඉල්ලයි..

මාස 06ක සිරදඬුවමෙන් තමන්ව ඇප මත මුදාහරින ලෙස සමාගම් අධ්‍යක්ෂවරයෙක් ඇප ඉල්ලයි..

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටියි.