නින්දවූර් මුහුදු ප්‍රදේශයේ දිය නෑමට ගිය තරුණයින් තිදෙනෙකුගෙන් දියේ ගිලී අතුරුදන්

Report

නින්දවූර් මුහුදු ප්‍රදේශයේ දිය නෑමට ගිය තරුණයින් තිදෙනෙකුගෙන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන් වී තිබේ.

පොලිසිය සඳහන් කළේ, අනතුරට පත් තරුණයින් තිදෙනාගෙන් එක් අයෙකු ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන ප්‍රතිකාර සඳහා නින්දවූර් රෝහලට ඇතුළත් කර ඇති බවය.

මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ නින්දවූර් ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 16 සහ 23 යන වයස්වල පසුවන තරුණයින් දෙදෙනෙකි.

අතුරුදන් වූ තරුණයින් දෙදෙනා සොයා ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් කණ්ඩායම්, ප්‍රදේශවාසීන් සහ නින්දවූර් පොලිසිය එක්ව මේ වන විටත් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ.

පන්නිපිටිය, දෙපානම අබලි යකඩ වෙළෙඳසැලක ගින්නක්

පන්නිපිටිය, දෙපානම අබලි යකඩ වෙළෙඳසැලක ගින්නක්

සෝ සුසුම් මැද කඩුවෙල ගින්නෙන් දිවි අහිමි වූ එකම පවුලේ සිව්දෙනාගේ දේහයන් නිවසට

සෝ සුසුම් මැද කඩුවෙල ගින්නෙන් දිවි අහිමි වූ එකම පවුලේ සිව්දෙනාගේ දේහයන් නිවසට