ඉන්දියන් සාගරයේ ප්‍රබල භූකම්පනයක් - ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ද ?

Report

ඉන්දියන් සාගරයේ Banda Aceh ආසන්නයේ අද (21) පස්වරු 03:12ට පමණ රික්ටර් මාපක 6.8ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් හටගෙන තිබේ. මුහුදු මට්ටමේ සිට කිලෝමීටර 156ක ගැඹුරින් මෙම භූකම්පනය වාර්තා වී ඇති අතර, ඉන් ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවදානමක් නොමැති බව ජාතික පූර්ව සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

ඒ අනුව, දිවයිනේ මුහුදුබඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂා සහිත බව එම මධ්‍යස්ථානය තහවුරු කර ඇත.

ජාතික සහ අන්තර්ජාතික ආයතන සමඟ එකඟත්වයෙන් යුතුව මෙම නිවේදනය නිකුත් කර ඇති බව ද ජාතික පූර්ව සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ ජලාශයේ වාන් දොරටු හතරක් විවෘතයි

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ ජලාශයේ වාන් දොරටු හතරක් විවෘතයි

මූල්‍ය වංචාවකට සම්බන්ධ සමාගම් අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු රිමාන්ඩ්

මූල්‍ය වංචාවකට සම්බන්ධ සමාගම් අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු රිමාන්ඩ්