පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ ජලාශයේ වාන් දොරටු හතරක් විවෘතයි

Report

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු හතරක් අඩිය බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

වර්ෂාපතනයත් සමඟ ජලාශයට එක්වන ජල ප්‍රමාණය පාලනය කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති අතර, මේ වන විට තත්පරයකට ඝන අඩි 2,800ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට මුදාහරිමින් පවතී.

බ්ලූමැන්ඩල් ඉන්ධන ගබඩා පර්යන්තයේ ඩීසල් කාන්දුවක් - ප්‍රදේශවාසීන් බූලි රැගෙන ඩීසල් එක්රැස් කරයි

බ්ලූමැන්ඩල් ඉන්ධන ගබඩා පර්යන්තයේ ඩීසල් කාන්දුවක් - ප්‍රදේශවාසීන් බූලි රැගෙන ඩීසල් එක්රැස් කරයි

මේ හේතුවෙන් ජලාශයට පහළින් දැදුරු ඔය ආශ්‍රිතව පදිංචි ජනතාව විශේෂ අවධානයෙන් පසුවිය යුතු බවත්, ඔයේ ජල මට්ටමේ සිදුවන වෙනස්වීම් පිළිබඳව සැලකිලිමත් විය යුතු බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඉදිරියේදී ජලාශයට ලැබෙන ජල ප්‍රමාණය සහ වර්ෂාපතනය අනුව වාන් දොරටු විවෘත කර තබන ප්‍රමාණය තවදුරටත් වෙනස් විය හැකි බැවින්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ අංශ විසින් නිකුත් කරනු ලබන නිවේදන අනුව කටයුතු කරන ලෙස ද ජනතාවට වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබේ

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සරල බහුතරයකින් සම්මත කළ හැකියි - ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සරල බහුතරයකින් සම්මත කළ හැකියි - ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි