නොවැම්බර් 30 දැවැන්ත වැඩවර්ජනයක් - ගුරු - විදුහල්පතිවරු සීරුවෙන්

Report

2027 අයවැය මගින් ගුරු - විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටලු ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු නොසලකා හැර ඇති බවට චෝදනා කරමින්, ලබන නොවැම්බර් 30 වැනිදා එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ.

අසනීප නිවාඩු වාර්තා කරමින් සිදු කරන මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා දිවයින පුරා පාසල් 10,110ක ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් 250,000කට ආසන්න පිරිසක් එක්වනු ඇතැයි අපේක්ෂා කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.

ගුටිබැට හුවමාරුවක් මැද මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ අයවැය සම්මත වෙයි

ගුටිබැට හුවමාරුවක් මැද මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ අයවැය සම්මත වෙයි

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජෝසප් ස්ටාලින් මහතා: "2027 අයවැයෙන් ගුරු සහ විදුහල්පතිවරු ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රය නොසලකා හැරීම සම්බන්ධයෙන් අපේ දැඩි විරෝධයක් තියෙනවා. අවස්ථා ගණනාවකදී බලධාරීන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළත් මෙතෙක් විසඳුමක් ලැබී නැහැ.

එළඹෙන පළවෙනිදා පැවැත්වෙන අයවැය අධ්‍යාපන විවාදය තුළවත් මේ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතුයි." ගුරුවරුන්, විදුහල්පතිවරුන්, ගුරු උපදේශකවරුන් සහ පිරිවෙන් ගුරුවරුන් මුහුණ දී සිටින ගැටලු විසඳීමට කිසිදු වැඩපිළිවෙළක් මෙවර අයවැයට ඇතුළත් කර නොමැති බව ඔහු පෙන්වා දුන්නේය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා නොදෙන්නේ නම්, නොවැම්බර් 30 වැනිදා ක්‍රියාත්මක කරන අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් අනතුරුව ඉදිරියේදී තවදුරටත් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ද ඒ මහතා අවධාරණය කළේය.

එහිදී අදහස් දැක්වූ ජෝසප් ස්ටාලින් මහතා,

''2027 අයවැයෙන් ගුරු සහ විදුහල්පතිවරු අධ්‍යාපන ක්ෂේත්‍රය නොසලකා හැරීම සම්බන්ධයෙන් අපේ දැඩි විරෝධයක් තියෙනවා. දැන් අපි අවස්ථා ගණනාවකදී මේ සම්බන්ධයෙන් කතා කළා. දැන් එළඹෙන පළවෙනිදා තමයි විශේෂයෙන්ම අධ්‍යාපන විවාදය තියෙන්නේ. ඉතින් මේ අධ්‍යාපන විවාදය තුළවත් මේ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතුයි. එතකොට ගුරුවරු, විදුහල්පතිවරු, ගුරු උපදේශකවරු, පිරිවෙන් ගුරුවරු මේ සියලු දෙනා සම්බන්ධයෙන් ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙළක් නැහැ. මේ තත්ත්වය තුළ ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය හැටියට අපි තීරණය කරලා තියෙනවා එළඹෙන නොවැම්බර් 30 වැනිදා එක්දින අසනීප නිවාඩු වාර්තා කිරීමේ ක්‍රියාමාර්ගයකට යන්න. මේ සඳහා මේ රටේ 250,000කට ආසන්න ගුරුවරු ඒ වගේම පාසල් 10,110ක ගුරු විදුහල්පතිවරු සියලු දෙනා සම්බන්ධ වෙනවා කියන කාරණාව පැහැදිලිවම කියන්න ඕනේ. ඒක නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයේ මේ වෙනකොට මුහුණ දීලා තියෙන ගැටලු වලට විසඳුම් ලබා නොදෙනවා නම් අපිට ක්‍රියාමාර්ග ගන්නවා හැර වෙන විකල්පයක් නැහැ.''

නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන කාර්යාලයේ සේවාවන්වලට පැමිණෙන ඔබට විශේෂ දැනුම්දීමක්

නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන කාර්යාලයේ සේවාවන්වලට පැමිණෙන ඔබට විශේෂ දැනුම්දීමක්