මේ මංසන්දියේ මාර්ග කොටසක් අද සිට වසා තැබේ
බොරැල්ල පොලිස් වසමේ ඩී. එස්. සේනානායක මංසන්ධියේ කොළඹ දෙසට ඇතුළුවන මංතීරුවේ කොටසක් අද (20) රාත්‍රී 10.00 සිට තාවකාලිකව වසා තැබෙන බව පොලිසිය රියදුරන්ට සහ මහජනතාවට දැනුම් දෙයි.
අදාළ මංතීරුවේ පිහිටි මළාපවහන පද්ධතියක් පිටාර ගැලීම හේතුවෙන් එය කඩිනමින් පිළිසකර කිරීමට නියමිත බැවින් මෙලෙස මාර්ග කොටස වසා තැබීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව, පිළිසකර කිරීමේ කටයුතු අවසන් වන තෙක් එම මාර්ග කොටස භාවිත කරන රියදුරන් පහත විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය වැඩිදුරටත් ඉල්ලා සිටී.
විකල්ප මාර්ග
වැලිකඩ දෙස සිට පැමිණෙන වාහනවලට ආයුර්වේද හන්දියෙන් කොටා පාරට පිවිස බොරැල්ල දෙසට ගමන් කළ හැකිය. -
මොඩල් ෆාම් හන්දියෙන් පරණ බුලර්ස් පාර ඔස්සේ කනත්ත වටරවුම දෙසට ගමන් කළ හැකිය.