දිවයින පුරා ගෙයින් ගෙට ගොස් විශේෂ වැඩසටහනක් - වෘත්තීය අධ්‍යාපනයට පිවිසෙන ඔබට සුබ ආරංචියක්

Report

දිවයින පුරා වෘත්තීය අධ්‍යාපනයට යොමු කළ හැකි මානව සම්පත හඳුනා ගනිමින්, ඔවුන්ගේ නිවෙස්වලටම ගොස් දෙමාපියන් සහ දරුවන් දැනුවත් කර වෘත්තීය අධ්‍යාපන පද්ධතියට යොමු කරගැනීමේ 'Door to Door Skill Campaign' ජාතික වැඩසටහන අද (21) ආරම්භ විය.

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ ජලාශයේ වාන් දොරටු හතරක් විවෘතයි

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ ජලාශයේ වාන් දොරටු හතරක් විවෘතයි

සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළේ, වර්තමාන ලෝකයේ රැකියා සහ වෘත්තීය අවස්ථාවලට පිවිසීමට ඇති එකම මාවත උපාධියක් ලබා ගැනීම පමණක් නොවන බවය.

තම කුසලතා දියුණු කරගනිමින් ඉදිරියට යා හැකි විවිධ අධ්‍යාපනික මාවත් ලොව පුරා විවෘතව පවතින බවත්, ශ්‍රී ලාංකේය අධ්‍යාපන පද්ධතිය තුළද දරුවන්ට තම හැකියාවන් හා කැමැත්ත පරිදි ඉදිරියට යාමට එවැනි විවිධ මාවත් විවෘත කරදීම රජයේ අපේක්ෂාව බවත් ඇය පැවසුවාය.

දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයේ පුහුණු ශ්‍රමිකයන් සඳහා පවතින විශාල ඉල්ලුම සහ රැකියා විරහිතව නිවෙස්වල පසුවන තරුණ පරපුර අතර පවතින පරතරය පියවීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බවද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

මෙහිදී අදහස් දැක්වූ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා ප්‍රකාශ කළේ, මෙතෙක් කල් දරුවන් වෘත්තීය ආයතන සොයා පැමිණි යුගය නිමා කරමින්, දිවයින පුරා පිහිටි ග්‍රාම නිලධාරී වසම් 14,008 තුළම දොරෙන් දොරට ගොස් දැනුවත් කිරීමේ වැඩසටහන අද ආරම්භ කළ බවය.

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - ව්‍යාජ නමකින් එන මේ නිෂ්පාදන මිලදී ගන්න එපා

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - ව්‍යාජ නමකින් එන මේ නිෂ්පාදන මිලදී ගන්න එපා

වෘත්තීය අධ්‍යාපනයේ වැදගත්කම මෙන්ම ජාතික වෘත්තීය සුදුසුකම් සහතික ලබාගැනීම හරහා දේශීය හා ජාත්‍යන්තර මට්ටමින් විවර වන රැකියා අවස්ථා පිළිබඳව ජනතාව දැනුවත් කර, තරුණ පරපුර රටේ සක්‍රීය ආර්ථික ක්‍රියාවලියට දායක කරගැනීම මෙහි මූලික අරමුණ බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.