මූල්‍ය වංචාවකට සම්බන්ධ සමාගම් අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු රිමාන්ඩ්

Report

ආයෝජකයන් 2,000කට ආසන්න පිරිසකට ලාභාංශ ලබාදෙන බවට පොරොන්දු වී රුපියල් බිලියන 4කට ආසන්න මුදලක් රැස්කර වංචා කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පෞද්ගලික සමාගම් දෙකක අධ්‍යක්ෂවරුන් දෙදෙනා දෙසැම්බර් 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මඟින් සිදුකළ විමර්ශනයකින් අනතුරුව, අදාළ සමාගම්වල අධ්‍යක්ෂවරුන් තිදෙනෙකු අතරින් දෙදෙනෙකු ඊයේ (20) මෙලෙස අත්අඩංගුවට ගනු ලැබීය.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ ජලාශයේ වාන් දොරටු හතරක් විවෘතයි

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ ජලාශයේ වාන් දොරටු හතරක් විවෘතයි

මහනුවර සහ කොහුවල ප්‍රදේශවල පිහිටි මෙම සමාගම් දෙක සම්බන්ධයෙන් මේ වන විට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණිලි 80ක් පමණ ලැබී ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොටිතුවක්කු මහතාගේ, අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සහ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

නින්දවූර් මුහුදු ප්‍රදේශයේ දිය නෑමට ගිය තරුණයින් තිදෙනෙකුගෙන් දියේ ගිලී අතුරුදන්

නින්දවූර් මුහුදු ප්‍රදේශයේ දිය නෑමට ගිය තරුණයින් තිදෙනෙකුගෙන් දියේ ගිලී අතුරුදන්