අද පස්වරුවේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවල සිදුවන දේ..

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් අද (02) පස්වරුවේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

වාර්තා වන්නේ, ගාල්ල, සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර 50 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බවයි.

අද පස්වරුවේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවල සිදුවන දේ.. | Weather Alert Today

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ, තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

එමෙන්ම නැගෙන‍හිර සහ ඌව පළාත්වල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් ඉදිරි දින දෙක තුළ බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.