ඉදිරි පැය 36 සඳහා කාළගුණයෙන් විශේෂ නිවේදනයක්..! මිලිමීටර් 484ක වර්ෂාපතනයක්(VIDEO)
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ඇතිවූ ගැඹුරු පීඩන අවපාතය හමුවේ උතුර, බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු මැද යන පළාත්වලට තවදුරටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
ඉදිරි පැය 36 සඳහා නිවේදයක් නිකුත් කරමිනුයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ බව සදහන් කළේ. පීඩන අවපාතය, ෆෙන්ගල් සුළි කුණාටුව නමින් අසල්වැසි ඉන්දියාවේ තමිල්නාඩුව වෙත ඊයේ රාත්‍රියේ ඇතුලූ වූ අතර ඉන් වැඩිම බලපෑමක් පුදුචෙරි ප්‍රදේශයට එල්ල වූණා.
ඉන්දීය කාලගුණ වාර්තා සඳහන් කළේ, මේ අනුව අදාළ ප්‍රදේශයට මිලිමීටර් 484ක වර්ෂාපතනයක් පතිත වී තිබු බවයි. මේ වනවිට පුදුචෙරි ප්‍රදේශයට ගංවතුර තත්ත්වයක් ඇතිව තිබෙන අතර, නිවාස යටවී, ප්‍රවාහන සේවා ද අඩාල වී තිබෙනවා. කෙසේ වෙතත් හෙට දිනයේ තමිල්නාඩුවට තද වැසි ඇති විය හැකි බවට එරට කාලගුණ අංශ අනතුරු අඟවා තිබෙනවා.
මේ අතර දිවයිනේ පැවති අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 24කටම බලපෑම් එල්ල වී ඇති අතර සිදුවු පුද්ගල මරණ සංඛ්‍යාව 17ක්. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, පුද්ගලයින් 469,910 දෙනෙකු තවදුරටත් පීඩාවට පත්ව සිටින අතර, ආරක්ෂිත ස්ථාන 229ක තවදුරටත් පුද්ගලයින් සංඛ්‍යාව 27,517ක් රඳවා සිටින බවයි.
එසේම නායයෑම් අවධානම් නිකුත් කර තිබූ බදුල්ල, මහනුවර, කෑගල්ල සහ මාතලේ යන දිස්ත්‍රික්කයන්ට අමතරව කුරුණෑගල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශිය ලේකම් කොට්ඨාශවලට නිකුත් කර ඇති නායයෑම් අවදානම් තවදුරටත් ක්‍රියාත්මකයි.
පැවති වර්ෂාපතනයත් සමග මල්වතු ඔය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇගවීමේ නිවේදනය ඉවත් කර තිබෙනවා. කෙසේ වෙතත්, දැදුරු ඔය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත් ක්‍රියාත්මක බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ
