ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් නිවේදනයක්..!
By Sewvandhi
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි.
ඉදිරි පැය 36 සඳහා බලපැවැත්වෙන පරිදි එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ වයඹ පළාතේත්, මහනුවර, නුවරඑළිය සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි.
ඌව, නැගෙනහිර සහ උතුරු මැද පලාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි ඇතිවිය හැකියි.
අපේක්ෂිත කාලගුණ අනාවැකියේ වැඩිදුරටත් දැක්වෙන්නේ, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි.