තවත් පිරමීඩ ජාවාරමක් හෙළිවෙයි - මෙහෙයවූ පුද්ගලයා අත්අඩංගුවට
නීතිවිරෝධී පිරමීඩාකාර මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ වූ බවට සැක කෙරෙන පුද්ගලයෙකු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (05) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 48 හැවිරිදි පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අදාළ පුද්ගලයා නීතිවිරෝධී පිරමීඩාකාර මූල්‍ය ආයතනයක් කළමනාකරණය කරමින් එම තහනම් යෝජනා ක්‍රමය සඳහා මුදල් ආයෝජනය කළ පුද්ගලයින්ගේ මුදල් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කර ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.
ඒ අනුව, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත සහ බැංකු පනත යටතේ සිදුකළ විමර්ශනවලදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
නීතිවිරෝධී පිරමීඩාකාර මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යාම, එම යෝජනා ක්‍රමය හරහා මුදල් ඉපයීම, ප්‍රවර්ධනය හා ප්‍රචාරණය කිරීම සහ කළමනාකරණය කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ. සිද්ධිය සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වයි.