වැසි තත්ත්වයේ වෙනසක්
By Sewvandhi
ඉදිරි පැය කිහිපය තුළ දකුණ, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ඉක්ම වූ තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර සහ නැගෙනහිර පළාත්වලටත් මුලතිව්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් හෙට උදෑසන කාලයේ වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර, හෙට දිනයේ (14) දිවයින පුරා බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
දකුණ, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. බස්නාහිර සහ නැගෙනහිර පළාත්වලත්, මුලතිව්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදීද වැසි ඇති වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |