දිවයින වටා මුහුදු ප්‍රදේශ රැසකට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි අවවාදාත්මක නිවේදනයක්

Report

කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

  එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

මීගමුව සිට ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5-3.0ක් පමණ ඉහළයාමේ හැකියාවක් පවතින බව නිවේදනයේ සඳහන් වෙයි.

මෙම වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රල ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පවතී. එබැවින් ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

මුහුදු රළ උස ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් - මේ ප්‍රදේශවලින් මුහුදු රළ ගොඩබිමට එයි.. සූදානම් වන්නැයි දන්වයි

මුහුදු රළ උස ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් - මේ ප්‍රදේශවලින් මුහුදු රළ ගොඩබිමට එයි.. සූදානම් වන්නැයි දන්වයි

Gallery