අනන්‍යතා යුද්ධෙට අපි ලෑස්තියි, තායිවානෙන් චීනෙට කම්මුල් පාරක්

Report

තායිවාන ජනාධිපති විලියම් ලායි විසින් මහජන චීන සමූහාණ්ඩුව යනු තායිවානයේ මව්බිම නොවන බවට ප්‍රකාශයක් සිදු කර ඇත.

ඒ අනුව තායිවානය කිසි විටෙකත් චීනයට අයත් නොවන බවට ඔහු පවසයි.

නාමල් මැරිච්ච ලොකුගේගේ ගුණ වයන්න ගිහින් කර ගත්තු හරියක්, දැන් හරිද අමාරුව

නාමල් මැරිච්ච ලොකුගේගේ ගුණ වයන්න ගිහින් කර ගත්තු හරියක්, දැන් හරිද අමාරුව

මේ සමඟම චීනයෙන් එල්ල වන බාහිර තර්ජන සම්බන්ධයෙන්ද අදහස් දක්වමින් තායිවානය යනු ස්වෛරී අනන්‍යතාවයක් ඇති රටක් බවට තායිවාන ජනාධිපතිවරයා කියා සිටියි.

එසේම තම රට ඉලක්ක කොට චීනයෙන් එල්ල වන හමුදා බලපෑම් දැඩිව වර්ධනය වෙමින් පවතින බව ද ඔහු කියයි.

ටීචර් අම්මට සම්මාන නම් ගුටි කාපු මට මොකද වෙන්නේ? පහර කෑ බව කියන තරුණයගෙන් පෙත්සමක්

ටීචර් අම්මට සම්මාන නම් ගුටි කාපු මට මොකද වෙන්නේ? පහර කෑ බව කියන තරුණයගෙන් පෙත්සමක්

තවද ඔවුන්ගේ නෞකා සහ ගුවන් යානා නිරන්තරයෙන් තායිවානයේ ගුවන් සීමාව සහ මුහුදු සීමාව උල්ලංඝණය කරන බව පවසා ඇති බව සඳහන්.

මේ අතර ලායි ප්‍රකාශ කර ඇත්තේ සෘජු මිලිටරි බිය ගැන්වීමෙන් එහාට ගොස් තායිවානය තම භූමියේ කොටසක් බවට ව්‍යාජ ආකාරයේ ප්‍රකාශ මඟින් උත්සාහ කරන චීනයෙන් එල්ල විය හැකි අනන්‍යතා යුද්ධයට ද තායිවානය මුහුණ දෙන බව ද ඔහු අවධාරණය කර ඇත.

ඊට අමතරව චීනය තායිවානයේ හමුදාව ඉලක්ක කර ඔත්තු බැලීමේ යෙදී සිටින බවට ද ලායි චෝදනා එල්ල කර ඇති බව වාර්තා වේ.

ගුවන් යානාවලට මොකද මේ වෙන්නේ?උඩු ගුවනේදී ගුවන් යානයක ජනේල් රාමුවක් ගැලවී විසි වෙයි

ගුවන් යානාවලට මොකද මේ වෙන්නේ?උඩු ගුවනේදී ගුවන් යානයක ජනේල් රාමුවක් ගැලවී විසි වෙයි