හෙට උදේ 10 වෙනකම් වතුර නෑ - මේ පැති වලට හදිසි බිඳවැටිමක්
By Ashfa
කෙත්හේන සිට කළුතර දක්වා ජලය සපයන සැපයුම් මාර්ගයේ සිදුවු හදිසි බිඳවැටිමක් නිසා ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා ඇත.
ඒ අනුව වස්කඩුව, මොල්ලිගොඩ, මොරන්තුඩුව, කළුතර දකුණ, කළුතර උතුර, කටුකුරුන්ද, නාගොඩ, බෝම්බුවෙල ප්‍රදේශ සඳහා ජල සැපයුම අත්හිටුවනු ලැබේ.
මෙම ජල සැපයුම හෙට (16) පෙ.ව. 10.00 පමණ වනවිට යථාවත් කිරිමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමසිම සඳහා 1939 කෙටි දුරකතන අංක ඇමතිය හැකියි.