අද දහවල් 12 වෙනකම්.. ජල සැපයුමට වුණ දෙයක්.. මෙන්න මේ ප්‍රදේශවලට..
By krishani
ගම්පහ දිස්තික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අඩු පීඩනයක් යටතේ සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඒ ජල සැපයුම් නල මාර්ගයක ඇතිවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් ය.

තාම ඇඟිල්ලෙ පාට ගිහිනුත් නෑ.. දවස් 25ට.. තුන් දෙනෙක්ගේ කැබිනට් එක දීපු ගේම ඇමති විජිත කියයි..(VIDEO)

"කෝමා වෙලා හිටිය අය අවදි වෙලා.." - වහාම ඉහළට ජනපති දුන් නියෝගයත් එක්ක.. ජනපතිගෙන් පාස්කු ප්‍රහාරය ගැන විශේෂ ප්‍රකාශයක් මෙන්න..(VIDEO)
ඒ අනුව වත්තල, මාබෝල, ජා ඇල සහ කටුනායක-සීදුව නගර සභා ප්‍රදේශ සහ වත්තල, බියගම, මහර, ජා ඇල, කටාන සහ මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා කලාප සඳහා අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙයි.
එමෙන්ම, උස ස්ථානවල ජලය සැපයුමට බාධා එල්ලවෙතැයි ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පැවසීය.
මෙහි අලුත්වැඩියා කටයුතු සිදුකෙරෙන බවත් ජල සැපයුම අද (22) දහවල් 12ට පමණ යථා තත්ත්වයට පත්කිරීමට හැකිවෙතැයි සඳහන් ය.
එබැවින් ජලය අරපරිස්සමින් පාවිච්චි කරන ලෙස පාරිභෝගිකයින්ට දැනුම්දෙයි.