11 සිට දින හතරක් කොළඹට වතුර කපන්නේ නෑ

Report

කොළඹ දිස්ත්‍රික්කයේ ජල සැපයුම අප්‍රේල් 11, 12, 13 සහ 14 යන උත්සව දිනවල කිසිදු බිඳවැටීමකින් තොරව සිදු කරන බව ජාතික ජල සම්පාදනය හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා පවසයි. ඒ මහතා මෙම අදහස් පළ කළේ (03) දින කලටුවාව සහ ලබුගම ජලාශවල නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.

කෙසේ වෙතත්, කලටුවාව සහ ලබුගම ජලාශ දෙකේම ජල මට්ටම ඉතා පහතට පැමිණ ඇති බැවින්, ඉදිරි සති දෙක තුන ඇතුළත වර්ෂාවක් නොලැබුණහොත් ජල සැපයුම සීමා කිරීමට සිදුවනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

අවුරුදු සමය තුළ රාජ්‍ය සේවක පැමිණීම් සීමා කරයි

අවුරුදු සමය තුළ රාජ්‍ය සේවක පැමිණීම් සීමා කරයි

දැනට ක්‍රියාත්මක ජල සීමා කිරීමේ කාලය පැය 18කට හෝ පැය 12කට සීමා කිරීමට බලාපොරොත්තු වන අතර, එම සීමාව අප්‍රේල් 10 වන දින දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය. මේ වන විට කලටුවාව ජලාශයේ ජල මට්ටම අඩි 9 දක්වාත්, ලබුගම ජලාශයේ ජල මට්ටම අඩි 23 පමණ දක්වාත් පහතට වැටී තිබේ.

කොළඹට ජලය සපයන ප්‍රධානතම ජලාශ දෙක මෙම දෙක වන අතර, අඹතලේ ජල මූලාශ්‍රයේ තවමත් විශේෂ ගැටලුවක් නොමැති වුවද, කොළඹ දිස්ත්‍රික්කයට ලබාදෙන ජල ප්‍රමාණය මීටර් කියුබ් 15,000කින් අඩු කර තිබේ.

කේරළ ගංජා සමග පොලිසියේ දෙදෙනෙක් අත්අඩංගුවට

කේරළ ගංජා සමග පොලිසියේ දෙදෙනෙක් අත්අඩංගුවට

දැනට ලබාගන්නා ජල ප්‍රමාණයම පවත්වාගෙන ගියහොත්, ජලාශවල ජල මට්ටම තවත් දින විස්සක පමණ කාලයකට පමණක් පවත්වාගත හැකි බවත්, ඊළඟ සති දෙක තුන ඇතුළත විශාල වර්ෂාපතනයක් අපේක්ෂා නොකරන බැවින් ජල සීමාව තවදුරටත් තීව්‍ර කිරීමට සිදුවිය හැකි බවත් ජල මණ්ඩලය පෙන්වා දෙයි.

මත් කරල් තොගයක් සමග 3 දෙනෙකු අත්අඩංගුවට

මත් කරල් තොගයක් සමග 3 දෙනෙකු අත්අඩංගුවට