කේරළ ගංජා සමග පොලිසියේ දෙදෙනෙක් අත්අඩංගුවට
By Shani
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට ලබාදීම සඳහා රුපියල් ලක්ෂ පහක වටිනාකමින් යුත් කේරළ ගංජා රැගෙනයමින් සිටි පොලිස් කොස්තාපල්වරුන් 2 දෙදෙනෙක් ඊයේ (04) වවුනියාව ඉරට්පෙරියකුලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාර කොස්තාපල්වරුන් දෙදෙනා කේරළ ගංජා ජාවාරම් සිදුකරන බවට ලැබුණ තොරතුරක් මත වවුනියාව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත්බවයි පොලිසිය සඳහන් කළේ.
යාපනයේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගෙන් මෙම කේරළ ගංජා තොගය රැගෙනවිත් වවුනියාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වෙත ලබාදීම සඳහා සැකකරුවන් විසින් කේරළ ගංජා සූදානම් කොට තිබූ බවට අනාවරණය වූ බවත් පොලීසිය ප්‍රකාශ කළා.