පානීය ජල ගැටලු පවතින ප්‍රදේශවලට ජලය බෙදාහැරීම අඛණ්ඩව

Report

පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ උතුරු සහ නැගෙනහිර ඇතුළු පානීය ජල ගැටලු පවතින ප්‍රදේශවලට ජලය බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව සිදු කරමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසනවා.

වියළි කාලගුණ තත්ත්වය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ් මහතා මේ බව පැවසුවා.

යම් ප්‍රදේශයක ජනතාවට පානීය ජල ගැටලු පවතින්නේ නම් 117 කෙටි දුරකථන අංකය ඔස්සේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට දැනුම් දෙන ලෙසද ඔහු ඉල්ලා සිටියා. එවැනි ප්‍රදේශවලට ජලය බෙදාහැරීමේ කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ජල සම්පාදන මණ්ඩලය මගින් සිදු කරනු ලබන බවද ඔහු සඳහන් කළා.

පරිගණක අපරාධ සිදුකළ විදේශිකයන් පිරිසට ඇප

පරිගණක අපරාධ සිදුකළ විදේශිකයන් පිරිසට ඇප

එමෙන්ම මේ දිනවල ඇති වන ලැව් ගිනි සම්බන්ධයෙන්ද අවධානයෙන් පසුවන ලෙස ඒ් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියා. ඇතැම් මිනිස් ක්‍රියාකාරකම් සහ නොසැළකිල්ල හේතුවෙන් එවැනි ලැව් ගිනි ඇතිවන බවත් 2025 වසර තුළ පමණක් එවැනි ලැව් ගිනි 164ක් වාර්තා වී ඇති බවද ඔහු සඳහන් කළා.

මෙවැනි ලැව් ගිනි ඇතිවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය සහ වනජීවී දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙහෙයුම් සිදු කරන බවද, ගිනි නිවීම සඳහා විශාල පිරිවැයක් සහ මහත් වෙහෙසක් දැරීමට සිදුවන බවද ඔහු පැවසුවා.

ලැව් ගිනි හේතුවෙන් වන වගාව විනාශ වීම නිසා ඉදිරියේදී දැඩි ආපදා තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවිය හැකි බවද ඔහු පෙන්වා දුන්නා. එමෙන්ම ජනතාව ජලය භාවිතා කිරීමේදී අරපිරිමැස්මෙන් කටයුතු කරන ලෙසද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටියා.

නඩු බඩු රුපියල් 500ක් සොරා ගත්තැයි හිටපු එස්. අයි. අත්අඩංගුවට

නඩු බඩු රුපියල් 500ක් සොරා ගත්තැයි හිටපු එස්. අයි. අත්අඩංගුවට