පරිගණක අපරාධ සිදුකළ විදේශිකයන් පිරිසට ඇප
By Shani
පරිගණක හා අන්තර්ජාල මූල්‍ය අපරාධ සිදුකිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් විදේශිකයන් 152 දෙනා අද (09) හලාවත අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබේ.
මෙම පිරිස පසුගිය සඳුදා හලාවත අඹකදවිල ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණි. අන්තර්ජාලය හරහා මූල්‍ය අපරාධ සිදුකරන බවට ලැබුණු තොරතුරු මත පොලිසිය මෙම වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් විදේශිකයන් අතරින් 137 දෙනෙකු චීන ජාතිකයන් බව වාර්තා වේ. අද දින ඔවුන් හලාවත දිසා විනිසුරුවරයා වෙත ඉදිරිපත් කළ අතර, එක් එක් අය සඳහා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇප ලබාදී නිදහස් කිරීමට නියෝග කර තිබේ.